Archives: ජූලි 2024

යේසුස්වහන්සේ කැළල ඉවත්කරන සේක

ඇඳුම් වියළන යන්ත්‍රය තුළ මාගේ කමිසයක් සොයමින් “ඔබ විහිළු කරනවාද?” කියා මම මොර ගැසීමි. මට එය හමුවුනි. තවත් දෙයක්ද හමුවුනි.

මගේ සුදු කමිසයේ තීන්ත පැල්ලමක් තිබුණි. එය කොටි හමක් මෙන් විය. තීන්ත පැල්ලම් සෑම තැනකම තිබුණි. මම පැහැදිළිවම මගේ සාක්කු පරීක්‍ෂා කර නොමැත. සිදුරක් සහිත වූ තීන්ත පෑනක් සැම දෙයක්ම කැළැල් කර ඇත.

පාපය පෙන්වීමට දේව වචනය සෑම තැනකම කැළැල්…

සත්‍යවශයෙන්ම ජීවත් වෙන්න

වසර 2000 දී මාංශ පේශීන් දියවීමේ රෝගය සභා පාලක එඩ් ඩොබ්සන්ට වැළඳී ඇතැයි නිරීක්‍ෂණය කළ අවස්ථාවේ දහස් ගණන් දෙනා ඔහු වෙනුවෙන් යාච්ඤා කළහ. බොහෝ අය විශ්වාස කළේ සුවය වෙනුවෙන් ඔවුන් ඇදහිල්ලෙන් යාච්ඤා කළ විට දෙවියන්වහන්සේ ක්‍ෂණිකව පිළිතුරු දෙන්නේය කියාය. එඩ්ගේ මාංශ පේශීන් ටිකෙන් ටික දියවීමට හේතුවූ රෝගය සමග ඔහු වසර දොළහක් පොර බැදීමෙන් පසුව (ඔහු මිය යන්න වසර තුනකට පෙර)…

අපගේ සත්‍යය රක්‍ෂස්ථානය දෙවියන්වහන්සේය.

ඔහුගේ භාර්යාව මිය ගිය පසුව තම මිතුරන් සමග සඳුදා උදෑසන ආහාර ගන්නා තාක් කල් ඔහුට වේදනාව දරා ගත හැකි යයි ෆ්‍රෙඩ්ට හැඟුණි. ඔහුගේ හවුල් විශ්‍රාමිකයෝ ඔහුගේ ප්‍රීතිය ඉස්මතු කළහ. දුක පැමිණි විට නැවත ඔවුන්ගේ සහභාගිත්වය භුක්ති විඳීමට ලැබෙන දිනය ගැන ෆ්‍රෙඩ් කල්පනා කළේය. කොනේ තිබූ ඔවුන්ගේ මේසය ඔහුව දුකෙන් මිදූ රක්‍ෂස්ථානය විය.

කාලය ගතවන විට ඔවුන්ගේ එකතු වීම් අවසන් විය.…

විනෝද වීමට කාලයක්

වර්ජිනියාවේ අපි කලින් සිටි සභාව බෞතිස්ම පැවැත්වූයේ රිවන්නා ගඟෙහිය. හිරු එලිය ඌෂ්ණව තිබුණත් එහි ජලය ඉතා සීතල විය. අපගේ ඉරු දින සේවයෙන් පසු අපි මෝටර් රථවල සහ වෑන් වල නැගී නගරයේ උද්‍යානයට යන්නෙමු. එහිදී අසල්වාසීන් ප්ලාස්ටික් තැටි එහා මෙහා විසි කරමින්ද දරුවෝ ක්‍රීඩා පිට්ටනියේ සෙල්ලම් කරමින්ද ප්‍රීති වෙති. එය අනර්ඝ දර්ශනයක් විය. අපි ගංඉවුර අද්දරට යන්නෙමු. අයිස් මෙන් සීතල ජලයේ…

යහපත සඳහා භාජන

අපරාධකරුව අල්ලා ගෙන තිබුණු අතර පරීක්‍ෂකවරයා ඇසුවේ එතරම් සාක්‍ෂිකරුවන් ඉදිරියෙහි බිය සැක නැති ලෙස පහර දුන්නේ ඇයිද කියාය. ප්‍රතිචාරය මවිත කරන සුළුය. “ඔවුන් කිසිවක් නොකරන බව මම දැන සිටියෙමි. ඔවුන් කවදාවත් කිසිවක් කරන්නේ නැත”. මෙම ප්‍රකාශයෙන් “දෝෂ සහිත දැනුම” පෙන්නුම් කරයි. එනම් අපරාධයක් වන බව දැන දැනම එය නොසළකා හැරීමට තීරණය කිරීමයි.

අපෝස්තලු යාකොබ් ඊට සමාන දෝෂ සහිත දැනුමක් ගැන…